අර්ධ සුඛෝපභෝගී බස් ධාවනය රාත්‍රියට පමණක් සීමා කෙරේ

අර්ධ සුඛෝපභෝගී බස් ධාවනය රාත්‍රියට පමණක් සීමා කෙරේ

අර්ධ සුඛෝපභෝගී බස් ධාවනය රාත්‍රියට පමණක් සීමා කෙරේ

කර්තෘ Staff writer

19 Feb, 2020 | 11:51 am

COLOMBO (News 1st) – අර්ධ සුඛෝපභෝගී බස් සේවාව රාත්‍රී 7.00 සිට අලුයම 6.00 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව දහවල් කාලයේදී අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇති බවයි.

කෙසේ වෙතත් එම කාලසීමාව තුළ ද ධාවනයට එක් කළ හැක්කේ කිලෝමීටර් 200 කට අධික දුරක් ගමන් කරන බස් රථ පමණි.

ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකාවකින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඒ අනුව, කිලෝමීටර් 200 ට අඩු දුරක් ධාවනය කරන අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා අවසර හිමි නොවන බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]