2018 රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

2018 වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

by Staff writer 18-02-2020 | 6:49 PM

COLOMBO ( News 1st ) - 2018 වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ, එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසිනි. එම වාර්තාවට රාජ්‍ය ආයතන 844 ක ගිණුම් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. රාජ්‍ය ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මුල්‍ය පාලනය හා කාර්ය සාධනය පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව අගයන අතර එලෙස සැකසුණු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අදාළ වාර්තාව පිටු 800 කින් සමන්විත වේ.