ලෝක කුසලාන පුහුණු තරගයකින් ශ්‍රී ලංකාවට ජය

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: පුහුණු තරගයේදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට ජය

by Staff writer 18-02-2020 | 6:42 PM

News 1st - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයකින් එංගලන්තය පරදවා ශ්‍රී ලංකාව කඩුලු 10 ක ජයක් වාර්තා කළේ ය.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම පුහුණු තරගය ඇඩිලේඩ්හිදී පැවැත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122 ක්. ඇමී ජෝන්ස් සහ ටැමී බියුමන්ට් ලකුණු 23 බැගින් රැස් කළෝ ය. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත් අතර නායිකා චමරි අතපත්තු ලකුණු 21 කට කඩුලු 3 ක්ද බිඳ හෙළා ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ, පන්දුවාර 12 යි පන්දු 3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි. නායිකා චමරි අතපත්තු පන්දු 50 කින් නොදැවී ලකුණු 78 ක් රැස් කළා ය. ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් ය. හසිනි පෙරේරා නොදැවී ලකුණු 29 කි