විද්‍යා ඝාතනය:සැකකරුවෙකුගේ යතුරුපැදියක් අස්ථානගතයි

විද්‍යා ඝාතනය: සැකකරුවෙකුට අයත් යතුරුපැදියක් අස්ථානගත වෙයි

by Staff writer 18-02-2020 | 4:59 PM

COLOMBO (News 1st) - යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුට අයත් යතුරුපැදියක් අස්ථානගතව තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම යතුරුපැදිය ලේඛනවලට ඇතුළත් නොකර නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා භාවිතා කර ඇති බවයි. ඒ අනුව, මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවේ ය. එම යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැටලුවක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.