යශෝධ රංගේ බණ්ඩාරගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයාගේ රියැදුරු බලපත්‍රය මාස 6 කට අත්හිටුවයි

by Staff writer 18-02-2020 | 5:34 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාගේ රියැදුරු බලපත්‍රය මාස 6 කට අත්හිටුවා තිබේ.

ඒ, ඔහු අද හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් 32,500 ක දඩයක් ද සැකකරුට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම මුදල නොගෙවන්නේ නම් මාස 6 ක සිර දඬුවමක් ද නියම කළේ ය. 2018 වසරේ ජුනි මස 06 වැනි දා සිදු වූ රිය අනතුරකට අදාළව චෝදනා 6 ක් යටතේ යශෝධ රංගේ බණ්ඩාර මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි. අපරීක්ෂාකාරි රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, පුද්ගලයෙකුට තුවාල කිරීම, අපරීක්ෂාකාරි හා අන්තරාකාරී රිය ධාවනයෙන් මනුෂ්‍ය ජීවිත හා දේපොළ හානි සිදු කිරීම සහ කඩුවක් ළඟ තබා ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබේ.