නිවාස අධිකාරියේ සේවකයින් දෙවන දිනටත් උපවාසයේ

නිවාස අධිකාරියේ සේවකයින් දෙවන දිනටත් උපවාසයේ

by Staff writer 18-02-2020 | 12:05 PM
COLOMBO (News 1st) : රැකියා සුරක්ෂිත කර දෙන්නැයි, ඉල්ලමින් නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අද දෙවන දිනටත් උපවාසයේ නිරතව සිටිති. ඒ , ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේයි. මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය ද අද දෙවන දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරතව සිටිති. ඒ විශ්‍රාම වැටුප් හිමිකම ඉල්ලමිනි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස නියෝග කර තිබේ. එම නියෝගය කොටුව පොලීසිය උපවාසයේ නිරත පිරිසට දැනුම් දුන් බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගේ සංගමය මහ බැංකුව ඉදිරිපිට මේ වන විට විරෝධතාවයේ නිරතව සිටී.