තිරුක්කෝවිල්හි වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

තිරුක්කෝවිල්හි වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 18-02-2020 | 10:48 AM
COLOMBO (News 1st) : තිරුක්කෝවිල්, මොරානවට්ටි ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා කුඹුරේ රැඳී සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.