කෑගල්ල-රඹුක්කන පාර සවස 6 සිට උදෑසන 6 දක්වා වැසෙයි

කෑගල්ල-රඹුක්කන පාර අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා වැසෙයි

by Staff writer 18-02-2020 | 11:41 AM
COLOMBO (News 1st) : කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි. ඒ , මාර්ගය හරහා ඇති දුම්රිය මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි. මේ අතර අනිද්දා පස්වරු 6 සිට පසු දින උදෑසන 6 දක්වා ද කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ග වසා තැබෙනු ඇති. අදාළ කාල සීමාවන් තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.