එජාපයේ ලකුණ ගැන තීරණය හෙට

එජාපයේ ලකුණ ගැන තීරණය හෙට

by Staff writer 18-02-2020 | 9:04 AM
COLOMBO (News 1st) : ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් හෙට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ තීරණය කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට රැස්වන බවයි. එම රැස්වීම හෙට පෙරවරුවේ සිරිතොක පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇති. එහිදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන්නේ අලියා හෝ හංසයා ලකුණෙන් ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහ හංසයා ලකුණ නියෝජනය කළ පක්ෂ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණින් තරග කිරිම පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.