අහුංගල්ලේදී වෙඩි වැදුණු පුද්ගලයා මියයයි

අහුංගල්ලේදී වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියයයි

by Staff writer 18-02-2020 | 9:44 AM
COLOMBO (News 1st) : අහුංගල්ල, වැලිවතුගොඩ බලපිටිය ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 3.20ට පමණ බලපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බවයි. 36 හැවිරිදි එම පුද්ගලයා බලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ උදෑසන එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබිණ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.