by Staff writer 18-02-2020 | 7:39 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වේ.
ඒ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම රැස්වීමට සියලු පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් සහභාගී වනු ඇති.
පක්ෂයේ නියෝජ්‍ය සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, අද පස්වරුවේ එම හමුව පැවැත්වෙන බවයි.
එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානය නම් කර ඇත්තේ , ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසයි.
එම සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඊයේ පස්වරුවේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් භාර දුන්නේ ය.