Google Code-in තරගයේදී ලක්මව ඉහළට ඔසවා තැබූ යාපනයේ නිත්‍යානන්දන් මාධවන්

by Staff writer 17-02-2020 | 9:04 PM

COLOMBO (News 1st) - ගූගල් කෝඩ් ඉන් 2019 (Google Code-in 2019 ) තරගාවලියේ ජයග්‍රාහකයින් අතරට එක්වීමට යාපනයේ ශිෂ්‍යයෙකු වන නිත්‍යානන්දන් මාධවන් සමත්ව තිබේ.

මෙලෙස ජය ලබාගෙන ඇත්තේ, යාපනය හින්දු විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. යාපනය හින්දු විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන නිත්‍යානන්දන් මාධවන් සමග මෙම තරගාවලියට රටවල් 76 කින් එක් වූ ශිෂ්‍යයින් සංඛ්‍යාව 3566 කි. 10 වැනි වරට පැවති ගූගල් කෝඩ් ඉන් තරගාවලියේ ඇපටියම් මෘදුකාංග කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය හිමිවූයේ නිත්‍යානන්දන් මාධවන්ටයි. නිත්‍යානන්දන් සමග ශ්‍රී ලංකාවේ චමිදු අමරසිංහ හා කුමුදිත කරුණාරත්න ද වෙනත් අංශවලින් ජයග්‍රාහී ලැයිස්තුවට එක් ව සිටිති. ජයග්‍රාහකයින්ට එළඹෙන ජූනි මාසයේදී තම මව්පියන් හෝ භාරකරුවන් සමග කැලිෆෝනියාවේ ගූගල් මූලස්ථානයේ දින 4 ක සංචාරයක් හිමිවනු ඇති. නව ලෝකයට ශ්‍රී ලංකාවේ අභිමානය එක්කළ නිත්‍යානන්දන් මාධවන්ට News 1st උපහාරය.