කඩවත පොලිස් කොස්තාපල්ගේ අතුරුදන්වීම ගැන පරීක්ෂණ

කඩවත පොලීසියේ කොස්තාපල්වරයෙකු අතුරුදන්වීම ගැන පරීක්ෂණ

by Staff writer 17-02-2020 | 5:28 PM

COLOMBO (News 1st) - කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම පොලිස් කොස්තාපල්වරයා අද උදෑසන සිට පොලිස් ස්ථානයේ නොමැති බවයි. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රි කාලයේ පොලිස් බැරැක්කයේ සිටි බව පොලිසිය පැවසුවේ ය. අතුරුදන් ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.