උදයංග වීරතුංග යළිත් අධිකරණය හමුවට

උදයංග වීරතුංග යළිත් අධිකරණය හමුවට

by Staff writer 17-02-2020 | 11:29 AM

COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

පසුගිය සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ, සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පසුගිය සිකුරාදා අලුයම 4.37ට මස්කට් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි උදයංග වීරතුංග මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනවට මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක් අයතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය.