ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛිය අමාත්‍යාංශයට

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛිය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර

by Staff writer 17-02-2020 | 4:06 PM

COLOMBO (News 1st) - ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛිය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, දැඩි රෝගි තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරීමට අමාත්‍යවරිය තීරණය කර ඇති බවයි. අමාත්‍යවරිය ඒ බව සඳහන් කළේ, ඇඹිලිපිටිය රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතාවන් සොයා බැලීම සඳහා ඊයේ ඇඹිලිපිටිය රෝහලේ නිරීක්ෂණයකට සහභාගි වෙමිනි. එම අවස්ථාවේදී ඇඹිලිපිටිය රෝහලේ ක්ෂණික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 750 ක මූල්‍ය පරිත්‍යාගයක් ද අමාත්‍යවරිය විසින් ලබාදී තිබේ.