තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගනී

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගනී.

by Staff writer 17-02-2020 | 7:21 PM

COLOMBO (News 1st) - ජපානයේ, යොකෝහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තව ත් කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සාම්පල පරීක්ෂාවේදී ඒ බව තහවුරු වී ඇති බවයි. ඒ අනුව, මේ වනවිට එම නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 කට අධිකය.