නව සන්ධානය ලියාපදිංචි කිරීමට කොමිසමට අයැදුම්පතක්

අගමැති මහින්දගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචියට අයැදුම්පතක්

by Staff writer 17-02-2020 | 3:58 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමිසමට අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ධුරයන් මෙසේයි. පක්ෂයේ නායක - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ ලේකම් - බැසිල් රාජපක්ෂ පක්ෂයේ නියෝජ්‍ය සභාපති - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පක්ෂයේ නියෝජ්‍ය ලේකම් - අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස - අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ පක්ෂයේ උපලේකම් - උදය ගම්මන්පිල පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස - තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් විය යුතු යැයි මීට සති කිහිපයකට පෙර පැවති එම පෙරමුණේ සම්මේලනයකදී තීරණය කෙරුණි.