මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදේ ගිය 213 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය 213 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-02-2020 | 4:32 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා අවුරුදු 20 - 35ත් අතර වයසේ පසුවන බවයි. මෙම වසරේ ජනවාරි මාසය තුළ කළ වැටලීම්වලින් පුද්ගලයින් 199 දෙනෙකු ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇති අතර තව ත් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ළඟ තබා ගැනීම හේතුවෙනි. තව ත් පුද්ගලයින් 10 දෙනෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.