COLOMBO ( News 1st ) - V-Force සාමාජිකයින්ට ජල ආරක්ෂක පුහුණුව ලබාදීමේ දෙවන අදියර ගල්කිස්ස මුහුදු තීරයේදී අද සාර්ථකව පැවැත්විය.
ඔවුන් සමග, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය හා ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානය ද එක්ව සිටියහ.
ජලාශ්‍රිත ආපදා අවස්ථාවකදී ආපදා කණ්ඩායම්වලට සහය විය හැකි ආකාරයෙන් පුහුණු වූ V-Force කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.

ජාතික ජීවිතාරක්ෂක සංවිධානයේ මගපෙන්වීම යටතේ මෙය පැවැත්වුණු අතර එහි සභාපති අසංක නානායක්කාර මහතා සහ ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජල ආපදා අවදානම් සහිත ප්‍රදේශවල නිව්ස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරුවන් ද වැඩමුළුවට එක් ව සිටීම විශේෂත්වයකි .
මෙහිදී ජීවිතාරක්ෂක උපකරණ සහ ආම්පන්න භාවිත කරන ආකාරය පැහැදිලි කෙරුණු අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සිදු කෙරිණි.
ප්‍රවීණ ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව මුහුදේදී යාත්‍රාවක් පෙරළුණු විට ක්‍රියාකරන ආකාරය ඉදිරිපත් කෙරුණු කැප්සයිස් පෙරහුරුවක් ද මෙහිදී පැවැත්විණ.
ජීවිත ආරක්ෂක පළමු ශ්‍රේණිය දක්වා පුහුණුව ලැබූ V-Force සාමාජිකයින්ට සහතික පත්‍රද පිරිනැමිණ.