රිය අනතුරකින් පියපුතු දෙපළක් මරුට

ලොරියක් සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් පියපුතු දෙපළක් මරුට

by Staff writer 16-02-2020 | 5:27 PM

COLOMBO ( News 1st ) - මඩකලපුව, එරාවූර්, සන්දිවේලි මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ලොරියක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පෙරවරු 9.40 ට පමණ එම අනතුර සිදුව ඇති බවයි. ත්‍රීරෝද රථයේ ගමන් කළ 71 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ පුත්‍රයා අනතුරින් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බවයි. ලොරියේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර ඔහු මේ වනවිට එරාවූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ