පොලීසියේ රාජකාරියට බාධා කළ අයෙකු කොටු

බෙන්තොටදී පොලිස් රාජකාරියට බාධා කළ බීමත් පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 16-02-2020 | 10:56 AM

COLOMBO (News 1st) - බෙන්තොට පාලම අසළ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු රථ වාහන රාජකාරියේ නිරතව සිටි අදාළ පොලිස් සැරයන්වරයාට බීමතින් බැන තර්ජනය කර ඇති බවයි. ඔහු ගමන්ගත් මොටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි අලුත්ගම, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.