by Staff writer 16-02-2020 | 9:17 AM
News 1st - 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී පැවැත්විය.
මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්ප්‍රේෂකයන් ලෙස කටයුතු කළේ, කරන් ජොහාර්, විකී කෞෂාල් සහ වරුන් ධාවන් යන බොලිවුඩ් සුපිරි තරුයි.
මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය ඇතුළු සම්මාන 10 ක් දිනාගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වීමට සෝයා අක්තර්ගේ 'ගලි බෝයි' චිත්‍රපටය සමත්විය.
එහි හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං අතර එහි හොඳම නිළියට හිමි සම්මානය ආලියා භාත් දිනාගත්තා ය.