කඩොලාන පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර

කඩොලාන පරිසර පද්ධති 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට තීරණයක්

by Staff writer 16-02-2020 | 12:38 PM

COLOMBO (News 1st) - කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගොඩ මහතා සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තව ත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවයි.