යුද හමුදාපතිට එරෙහි තහනමට පාර්ශව රැසක විරෝධය

යුද හමුදාපතිට එරෙහි ඇමරිකානු තහනමට පාර්ශව රැසක විරෝධය

by Staff writer 15-02-2020 | 8:20 PM
COLOMBO (News 1st) : යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව ගනනාවක් අද දැඩි විරෝධය පළ කළේ ය. ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි කියමින් මෙම තහනම් පනවා අති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ ය. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්විටර් පණිවිඩයකින් ප්‍රකාශ කලේ 2009 වසරේදී ශවේන්ද්‍ර සිල්වා මහතා භාරව කටයුතු කළ 58 වැනි සේනාංකය විසින් මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවයි. රාජ්‍ය දෙපාර්තමේන්තු පනතට අනුව මෙවැනි චෝදනා එල්ල වි ඇති පුද්ගලයෙකුට අමෙරිකාවට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ. අමෙරිකාවේ මෙම තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පල කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ ය. අමාත්‍යාංශය අවධාරණය කළේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරිම රජයේ ප්‍රධානීයා විසින් සිදු කරන අතර හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව එම නම් කිරීම සිදු කර ඇති බවයි. ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා කිසිවක් සනාථ වී නොමැති පසුබිමක මෙවැනි තහනමක් පැනවීම යුක්ති සහගත නොවන බව එම නිවේදනයේ සඳහන් ය. මේ අතර විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, යුද හමුදාපතිවරයාට පනවා ඇති තහනම පිළිබඳ විදේශ අමාත්‍යංශයේ මතය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ අමෙරිකානු තානාපතිවරිය හෙට පෙරවරු 9ට විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවීමක් සිදුකර ඇති බවයි. යුද හමුදාපතිවරයාට පනවා ඇති තහනම සම්බන්ධයෙන්  ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, සියලු දෙනා යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල වෙනුවෙන් එකාවන්ව නැගි සිටියු යුතු බවයි. ත්‍රස්තවාදය තුරන් කිරීමට කැප වු, යුද හමුදාපතිවරයාට සහ ඔහු පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පැනවීම සෝචනීය හා අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ද යුද හමුදාපතිවරයාට පනවා ඇති තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ ය. ඔහු පවසන්නේ, අමෙරිකාව සිය අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.
''අපේ රටේ යුධ හමුදාපතිට ලොකේ කොහෙවත් යන්න බැරි නම් අපි අහානවා ඇමරිකාවේ හමුදාපතිට යන්න පුලුවන්ද ? අර ඉරානයේ හිටපු හමාදාපති කෙනෙක්ට ඉරාකය ඇතුලෙදි ගුවන් යනාවලින් පහාර දිලා ඝාතනය කරලා ඒ අපරාධය නෙවෙයිද මේ කරන්නේ මේ තියෙන්නේ. ඇමරිකාව තමන්ගේ වැඩේ කර ගන්න කණ මිරිකලා දණ ගස්සන්න ටොකු ඇනින විදිහ. දැන් මොකද කියන්නේ ? දෙන්නේ නැත්තම් විසා ආන්ඩුව කියන්න ඔනි අපිට ඔය ගොල්ලො එක්ක ගිවිසුම් ඔනි නෑ. වහාම ගන්න, ගිවිසුම අහොසි කරනවා කියලා .කියයිද කියන්නේ නෑ . ඇක්සා ගිවිසුම අහොසි කරයිද ? අපේ රටේ හමුදාපතිට විසා දෙන්නේ නෑ කිවුවම අඩුම ගානේ දැනේන්න ඔනි ලැජ්ජාවක් රිදෙන්න කලින් මේ ගිවිසුම්වලින් අයින් නොවුනොත් තවත් බලපෑම් අපේ රටට ජිනිවා මානව හිමිකට් කොමිසමටත් මේ බලපෑම කරන්න තමයි මේ අය ලබාපොරොත්තු වෙන්නේ''
පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ද යුද හමුදාපතිවරයාට පනවා ඇති තහනමට විරෝධය පළ කර සිටියහ. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ, පක්ෂ පාට භේදයකින් තොරව යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවයි.
''ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුද්ධ කළේ එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නෙකටවත් එතුමාගේ පවුලේ ප්‍රශ්නෙකටවත් නෙමෙයි. රටේ බිය සැක දුරු කරන්න, රටේ ඒකීයභාවය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ත්‍රස්තවාදයට එරෙහිව එතුමා කටයුතු කළේ. මේ රටේ ජනතාවට අද ලැබිලා තියන සාමය වෙනුවෙන් ඔහු කළ කැපවීම ඔහුගේ පුද්ගලික දෙයක් නෙමෙයි මේ රට වෙනුවෙන් කරපු දෙයක්. පක්ෂ පාට භේදයකින් තොරව අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා''
දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් වූවද රට මූලිකත්වයේ තබා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.
''මම දන්නේ අමරිකාවේ කතා කරන කට වඩා අපි අපේ රටේ කතා කරන එක අවශ්‍යතාවය වෙලා තියෙනවා මොකද අමරිකාවේ ඕන තීරණයක් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් අපේ තීරණ ගන්න ඕන අපේ රටේ අනණ්‍යතාවය වෙනුවේන එකමුතුතාවය වෙනුවෙන්. දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන් නමුත් රට මූලිකත්වය තියා ගැනීම තමයි මූලික අරමුණ''
https://www.facebook.com/NewsfirstSL/videos/197107558014893/ https://www.facebook.com/NewsfirstSL/videos/608022720031816/