බීජිං වෙත එනඅය අනිවාර්ය නිරෝධායනයකට

බීජිං වෙත පැමිණෙන සියල්ලන් සති 2 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට

by Staff writer 15-02-2020 | 8:57 AM

News 1st - තම නගරයට පැමි‍ණෙන සියලුම පුද්ගලයින් දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට චීනයේ බීජිං නගර බලධාරීන් තීරණය කර තිබේ.

බීජිං බලධාරීන් සඳහන් කළේ, මෙම කොන්දේසිය කඩ කරන පුද්ලගයින්ට අනිවාර්ය දඬුවමකට ය‍ටත්වීමට සිදුවන බවයි. ඒ අනුව නගරයට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම අනිවාර්ය වේ. මේ අතර ඊජිප්තුවෙන් පළමු වරට කොරෝනා ආසාදිත විදේශිකයකු හඳුනාගෙන ඇති අතර ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත. මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස 1,519ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 66,000ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.