මුහුදෙන් රත්‍රං ප්‍රවාහනය කළ දෙදෙනෙකු දැලේ

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ රත්‍රං ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-02-2020 | 11:30 AM

COLOMBO ( News 1st ) - යාපනය, මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව කළ මෙහෙයුමකදී ය. කිලෝග්‍රෑම් 14 කට අධික එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කළේ ය. 27 හැවිරිදි සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. මාදගල් මුහුදු ප්‍රදේශයේ අණ නොතකා යාත්‍රා කළ ඩිංගි යාත්‍රාවක් ලුහු බැඳ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව කළ මෙහෙයුම්වලදී රත්‍රං තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.