තීරු බදු නොගෙවා භාණ්ඩ ගෙන්වීමේ ජාවාරමක්

තීරු බදු නොගෙවා භාණ්ඩ ගෙන්වීමේ ජාවාරමක තතු හෙළිවෙයි

by Staff writer 15-02-2020 | 3:45 PM
COLOMBO (News 1st) : තීරු බදු නොගෙවා මෙරටට භාණ්ඩ ගෙන්වීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ජාවාරමේ නිරත සැකකරුවන් 06 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය මත්පැන් බෝතල්, පරිගණක මෘදුකාංග සහ කැමරා කිහිපයක් සොයා ගෙන තිබේ. ඔවුහු කොටහේන, මීගමුව සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. කලක සිට මොවුන් සිංගප්පුරුවෙන් ආනයනය කරන භාණ්ඩ ගෙන්වා තීරුබදු නොගෙවා රැගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසී ය. නීතිමය කටයුතු සඳහා ඔවුන් රේගුවට භාර දී තිබේ.