තල්පිටිය ගඟේ පුද්ගල මළ සිරුරක්

තල්පිටිය ගඟේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ

by Staff writer 15-02-2020 | 5:04 PM
COLOMBO (News 1st) : පානදුර තල්පිටිය ගඟේ ගිලී අතුරුදන් වූ පුද්ගලයකුගේ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබ තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, පානදුර පොලීසිය කළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් ඔහුගේ සිරුර සොයාගත් බවයි. මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර පොලීසිය විසින් සිදුකරන බව නාවික හමුදාව සඳහන් කළේ ය.