'ආනමාළු රංග'ගේ ඝාතනයට සැකකරුවෙකු දැලේ

'ආනමාළු රංග' ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 15-02-2020 | 10:39 AM
COLOMBO ( News 1st ) - ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසාන භූමිය අසළදී තියුණු ආයුධවලින් පහරදී සංවිධානාත්මක අපරාධකරුවකු වූ 'ආනමාළු රංග' ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ය. 39 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සෙසු සැකකරු අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේ ය. අපරාධය සඳහා යොදා ගත් යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි 2ක් අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතන සිදුව තිබුණේ පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ය. ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් තවත් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි 'ආනමාළු රංග' ඇතුළු දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදුකර තිබුණි.