අමෙරිකානු කොංග්‍රස් සභිකයින් අගමැති හමුවෙති

අමෙරිකානු කොංග්‍රස් සභිකයින් දෙදෙනෙක් අගමැති හමුවෙති

by Staff writer 15-02-2020 | 9:39 PM

COLOMBO (News 1st ) - ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභිකයින් වන අමි බෙරා සහ ජෝර්ජ් හෝල්ඩින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම හමුවේදී අංශ ගණනාවක සබඳතා ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබදව සාකච්ඡා කර තිබේ. එහිදී කොංග්‍රස් සභික බෙරා පවසා ඇත්තේ මෙම කාලාපය වඩාත්ම විචිත්‍රවත් කලාපය වන අතර විශාල විභවයක් ද ඇති බවයි. කොංග්‍රස් සභික බෙරා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැලිෆෝනියාවේ 7 වැනි කොන්ග්‍රස් දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර වර්තමානයේ ඔහු විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයෙකි. ඔහු එහි ආසියාව, පැසිෆික් හා අවිහිංසාවාදය පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයායි. මේ වන විට රටේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන්නේ ආර්ථික සංවර්ධනය බව එහිදී පවසා ඇති අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද ආයෝජන දිරිමත් කරන බව ද සඳහන් කළේය.