by Staff writer 15-02-2020 | 10:05 AM
COLOMBO ( News 1st ) - අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුවයි.
2022 වසරේ මාර්තු මස 20 වැනිදා සයින්දමර්දු නගර සභාවේ නිල කාලය ආරම්භ වේ.
ඒ අනුව දැනට පවතින කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැරෙනු ඇති.
සයින්දමරුදු නගර සභාවේ නව පරිපාලන සීමා නම් කර ඇත්තේ ග්‍රාම සේවා කොට්ඨාස 17 ක් ඊට ඇතුළත් කරමින් ය.