ගේල් මොන්ෆිල්ස්, රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට

ගේල් මොන්ෆිල්ස්, රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට

ගේල් මොන්ෆිල්ස්, රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කර්තෘ Staff writer

15 Feb, 2020 | 6:44 pm

COLOMBO (News 1st) – ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස් මෙවර රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලිය නෙදර්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ගේල් මොන්ෆිල්ස් සමග තරග කළේ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඩෑන් එවන්ස් ය.

වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශණය කළ මොන්ෆිල්ස් වට 2 ට 0 ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගත්තේය.

අවසන් ලකුණු සටහන 7 ට 6 ක් සහ 6 ට 2 කි.

ගේල් මොන්ෆිල්ස් පසුගිය වසරේ මෙම තරගාවලියේ කේවල ශූරතාව දිනා ගත් ක්‍රීඩකයායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]