by Staff writer 14-02-2020 | 12:14 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බ පිපිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා ලබන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියෝග කළා ය.
මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ ලෙස හඳුනාගෙන ඇති අදාළ මරාගෙන මැරුණු බොම්බකරුගේ පියා ද ඒ අතර වේ.
අප්‍රේල් 21 වැනිදා සිදුවූ බොම්බ පිපිරීමෙන් අනතුරුව අදාළ බොම්බකරුගේ බිරිඳ ද දෙමටගොඩ මහවෙල උද්‍යානයේ නිවස තුළදී බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කරගත්තා ය.
අධිකරණ නියෝගය මත රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ රුධිර පරික්ෂණ වාර්තා අනුව එම දරුවන් තිදෙනා මොහොමඩ් ඊබ්‍රාහිමී ඉල්හාම් අහමඩ් සහ ෆාතිමා ඉල්හාම්ගේ දරුවන් බව රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.