by Staff writer 14-02-2020 | 4:41 PM
COLOMBO ( News 1st ) - රාත්‍රී කාලයේ වෙළෙඳසැල් බිඳ දේපළ සොරාගත් සැකකරුවන් සිව් දෙනෙකු හා ඔවුන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම මෝටර් රථයේ අමතර ටයරය සවි කරන ස්ථානයේ සඟවා තිබූ ජීව අත්බෝම්බයක් සහ ගෙවල් බිඳීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් ද සොයාගත් බවයි.
සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ රැසකදී අපරාධ සිදු කරමින් සොරා ගන්නා ලද භාණ්ඩ විවිධ ස්ථානවලට අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ඒවා සෙවීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.