වූහාන් සිට රැගෙන ආ ලාංකිකයෝ දියතලාවෙන් පිටව යති

වූහාන් සිට රැගෙන ආ ලාංකිකයෝ අද දියතලාවෙන් පිටව යති

by Staff writer 14-02-2020 | 6:37 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද සිය ගම්බිම් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් යුද හමුදා මූලස්ථානයේදී අද යුධ හමුදාපතිවරයා ද හමුවීමට නියමිත බවයි. 33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් පසුගිය පළමුවැනිදා දිවයිනට රැගෙන ආවේ වූහාන් බලා ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. එතැන් සිට එම පිරිස අද දක්වා වෛද්‍ය කණ්ඩායමක අධික්ෂණය යටතේ දියතලාව යුද හමුදා මූලික රෝහල යටතේ අලුතින් ඉදිකළ ගොඩනැගිලි දෙකක රඳවා සිටිති. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා අංගොඩ බෝවන රෝග විද්‍යායතයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව මුදා හැරෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ප්‍රධාන වසන්ගත රෝග විද්‍යාඥ සුදත් සමරවිර මහතා සඳහන් කළේ ය.