මුහුදේ පාවූ 'අයිස් ' මත්ද්‍රව්‍ය

පාවෙමින් තිබූ 'අයිස් ' මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදෙන්

by Staff writer 14-02-2020 | 6:11 PM

COLOMBO ( News 1st ) - 'අයිස් ' නැමැති මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන බවයි. මුහුදේ පාවෙමින් තිබූ එම පාර්සලය දැක ධීවරයින් පිරිසක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් තංගල්ල පොලීසියට භාර දී තිබේ. සොයාගත් පාර්සලයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 187 ක් තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.