සලකුණ ගැන එජාපය තුළ අර්බුද

පක්ෂ සලකුණ ගැන එජාපය තීරණාත්මක සාකච්ඡාවක

by Staff writer 14-02-2020 | 5:31 PM

COLOMBO ( News 1st ) - සලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද සහගත තත්ත්වය නිරාකරණය කරගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නියෝජනය කරමින් පත් කළ කමිටු සාමාජිකයින්ගේ මෙහෙයවීමෙන් ය. මෙම කමිටුවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වේ. එම සාමාජිකයින් වන්නේ සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර , අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග හා රවී කරුණානායකයි. අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය. එහිදී තීරණය වූයේ දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් කල් මැරීම යෝග්‍ය නොවන බවයි.