ගුරු විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක

ගුරු විදුහල්පති වෘත්තීය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක

by Sagarika Chathumali 14-02-2020 | 2:21 PM
COLOMBO (News 1st) : ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් මේ වනවිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඒ ගුරු විදුහල්පති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතාවන් ඉවත් කරන්නැයි රජයට බල කරමිනි. ඔවුන් ප්‍රකාශ කළේ, සිය වැටුප් විෂමතා ඉවත් කරන තෙක් අතුරු දීමනාවක් ගෙවන බවට රජය මීට පෙර පොරොන්දු වුවද එය මෙතෙක් ඉටු කර නොමැති බවයි. මේ අතර මේ වනවිට එම වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට කැඳවා ඇති බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. https://www.facebook.com/NewsfirstSL/videos/909019616183616/