ඉතියෝපියාවේ සිට තැපෑලෙන් කොළඹට ආ මත්ද්‍රව්‍ය

ඉතියෝපියාවේ සිට තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට

by Staff writer 14-02-2020 | 12:45 PM
COLOMBO (News 1st) : ඉතියෝපියාවේ සිට මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය විශේෂයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් අඩංගු පාර්සල් කිහිපයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයාගත් බවයි. එම පාර්සල් ලබාගැනීම සඳහා ඇනවුම් කරන ලද පුද්ගලයින් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ නොමැත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව යුරෝපයට ජාවාරම් කෙරෙන බවට සැක කරන බවයි.