by Staff writer 14-02-2020 | 8:02 AM
COLOMBO (News 1st) : රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූයේ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) : රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසිනි.
හිටපු තානාපතිවරයා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට යානයකින් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනවට අයුතු ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක් අයතුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ලවි තිබිණ.
2007 - 2009 කාලය අතරතුරදී සිදුවී ඇති එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කළේ ය.
මීට පෙර ඔහු අත්තඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මුදා හැර තිබිණ.