පාවෙමින් තිබූ ‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදෙන්

පාවෙමින් තිබූ ‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදෙන්

පාවෙමින් තිබූ ‘අයිස් ‘ මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදෙන්

කර්තෘ Staff writer

14 Feb, 2020 | 6:11 pm

COLOMBO ( News 1st ) – ‘අයිස් ‘ නැමැති මත්ද්‍රව්‍ය තොගයක් තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන බවයි.

මුහුදේ පාවෙමින් තිබූ එම පාර්සලය දැක ධීවරයින් පිරිසක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් තංගල්ල පොලීසියට භාර දී තිබේ.

සොයාගත් පාර්සලයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 187 ක් තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]