සිංගිමලේ කන්දේ ගින්නක්

හැටන්, සිංගිමලේ කන්දේ ගින්නක්

by Staff writer 13-02-2020 | 11:08 AM

COLOMBO ( News 1st ) - හැටන්, සිංගිමලේ කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

අද උදෑසන 9.00 ට පමණ ගින්නක් හටගෙන ඇති බව අප පොලීසිය පවසයි. හැටන් අඩවි වන නිලධාරී එස්. අජන්ත මහතා සඳහන් කළේ, පොලීසීය සහ ප්‍රදේශවාසීන් සමග එක්ව මේ වනවිට ගින්න නිවා දමමින් සිටින බව ය. කිසියම් පිරිසක් ගිනි තැබීමෙන්, ගින්න හටගන්නට ඇති බවට සැක පළවන බව හැටන් අඩවි වන නිලධාරීවරයා කියා සිටියේය. එම ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේදී ද මෙවැනි ගිනි තැබීම් රැසක් වාර්තා වූ බව හැටන් අඩවි වන නිලධාරීවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය. සිංගිමලේ කඳු රක්ෂිතය ආවේණික සත්ත්ව විශේෂ සහ ශාඛ විශේෂවලින් සමන්විත වේ.