විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ වැඩසටහනක්

විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ වැඩසටහනක්

by Staff writer 13-02-2020 | 8:13 AM

COLOMBO ( News 1st ) - විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ පස් දින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැළසුම් කර තිබේ.

එම අධිකාරියේ සභාපති එස්. සමරසිංහ මහතා සඳහන් කළේ, ජුනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව එම වැඩසටහන දියත් කෙරෙන බවයි. ඊට තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.