මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වන ලකුණු

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වන ලකුණු

by Staff writer 13-02-2020 | 6:05 PM

COLOMBO  (News 1st ) - පොතුවිල් සිට හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව ය. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. පොතුවිල් සිට හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි ද ඇති විය හැකි ය. අද රාත්‍රී කාලයේ තද සුළං සමග වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.