හොඳම රාජ්‍ය සේවකයා කවුද?

නිර්භීත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 'ජන විරු අභිමන්' අද සිට..

by Staff writer 13-02-2020 | 9:06 PM

COLOMBO ( News 1st ) -  රාජ්‍ය සේවකයින් යනු ජනතාව වෙනුවෙන් සේවය කරන පිරිසකි.

එක් රාජ්‍ය සේවකයෙකුගේ යහපත් ක්‍රියාවක් මුළු රාජ්‍ය සේවයටම ලබාදෙන්නේ උතුම් ආදර්ශයකි. එවැනි රාජ්‍ය සේවකයින් මුළු රටේම ඇගයීමට ලක් වනු නොඅනුමානයි. ජනතාව වෙනුවෙන් නොබියව සේවය කරන එවැනි රාජ්‍ය සේවකයින් ඇගයීමට අපි තීරණය කළෙමු. රාජ්‍ය සේවකයෙකු ලෙස ජනතාව වෙනුවෙන් පැවරී ඇති වගකීම නොබියව ඉටුකරන ගම්පහ දිසා වන නිලධාරිණී බී.දේවාණි ජයතිලක මහත්මිය අප අගයන්නේ ඒ අනුවයි. 'විරු ජන අබිමන්' අද සිට එවැනි රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා වෙන්වේ. මෙවන් රාජ්‍ය නිලධාරීන් ගැන ඔබ දන්නා තොරතුරු අපට කියන්න. එම තොරතුරු 071 558 7788 දුරකතන අංකය ඔස්සේ අපට දැනුම් දෙන්න... https://www.facebook.com/NewsfirstSL/videos/498238617723117/