එංගලන්තය පරදා ද. අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක්

එංගලන්තය පරදා ද. අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක්

එංගලන්තය පරදා ද. අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක්

කර්තෘ Staff writer

13 Feb, 2020 | 9:48 am

News 1st –  එංගලන්තයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළේ ය.

බෆලෝ පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.

ටෙම්බා බවුමා සහ නායක ක්වින්ටන් ඩී කොක් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 48කි.

ටෙම්බා බවුමා පන්දු 27කින් ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රෝයි සමග එක් වූ ජොනී බෙයාස්ටෝව් දෙවැනි කඩුල්ලට ලකුණු 72 ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

රෝයි ලකුණු 70ක් රැස් කළ අතර බෙයාස්ටෝව් ලකුණු 23 යි.

නායක ඔයින් මෝගන් පන්දු 34 කදී ලකුණු 52 ක් රැස් කළේ ය.

ලුන්ගි (එ)න්ගීඩි යොමු කළ තරගයේ අවසන් පන්දු වාරයේදී එංගලන්තය ලකුණු 7 ක් රැස් කළ යුතුව තිබුණ ද ඔවුන්ගේ කඩුලු 3 ක් බිඳ වැටුණි.

එංගලන්තයට එම පන්දුවාරයේදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

ලුන්ගි (එ)න්ගීඩි ලකුණු 30 කදී කඩුලු 3 ක් දවා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]