by Staff writer 12-02-2020 | 10:39 PM
COLOMBO ( News 1st ) - ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඒ, මුදල් අමාත්‍යවරයා විසින් ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජගත් පී. විජේවීර මහතා වසර 35 ක පරිපාලනය පිළිබඳව අත්දැකිම් ඇති නිලධාරියෙකි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කරමින් අත්දැකීම් පරිපුර්ණ ජගත් විජේවීර මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය.