යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ

යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ - ජාතික පොහොර ලේකම් කාර්යාලය

by Staff writer 12-02-2020 | 7:32 AM

COLOMBO (News 1st) - යූරියා පොහොර හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, යූරියා මෙට්‍රික්ටොන් 24,000 ක නැවක් පසුගිය දා දිවයිනට සේන්දු වූ බවයි. එම පොහොර තොග බෙදා හැරීම මේ වනවිට සිදු කෙරෙන බව ද ඔහු පැවසුවේ ය. අධ්‍යක්ෂවරයා කියා සිටියේ පොහොර තොග සඟවා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද වැටලීම් ක්‍රියාත්මක බවයි. දිවයිනේ ප්‍රදේශ රැසකින් පසුගිය සතියේ යූරියා පොහොර හිඟයක් වාර්තා වූ අතර ඒ පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද තහවුරු කළේ ය.