මෙරට ගිණිකොණ මුහුදේ භූ කම්පනයක්

මෙරට ගිණිකොණ මුහුදේ භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 12-02-2020 | 6:59 AM

COLOMBO (News 1st) - මෙරට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදු ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද අලුයම 2.34 ට පමණ හම්බන්තොටට කිලෝමීටර් 240 ක් පමණ ගිණිකොණ මුහුදේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.4 කි. කිලෝමීටර් 10 ක් මුහුදු පතුලේ සිදු වූ මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර අදාළ භූ කම්පනය මාතර, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.