නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නම් කෙරේ

නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නම් කෙරේ

by Staff writer 12-02-2020 | 7:08 AM

News 1st - නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ දිනය වනවිට හුබෙයි පළාතේ පමණක් තව ත් පුද්ගල මරණ 94 ක් වාර්තා වීම හමුවේ සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. නව ආසාදිතයින් 1,638 ක් වාර්තා වී ඇති බව සඳහන් ය. චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.